විශ්වාසභංගය පරාජය කරන බව සුව ඇමැති පවසයි - sonakar.com

Post Top Ad

Monday 2 April 2018

විශ්වාසභංගය පරාජය කරන බව සුව ඇමැති පවසයි



සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ විමධ්‍යගත ප්‍රතිපාදන මත පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්වේච්ඡා සංවිධාන සදහා පුටු බෙදාදීම සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බදුරලිය මොරපිටිය ප්‍රදේශයේ දී පසුගියදා සිදු කෙරිනි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට රජය කටයුතු කරනවා. අග්‍රාමාත්‍යවරයා පිළිබද ගැටලු ඇත්නම් එය විසදා ගත යුතුයි. වත්මන් රජය ඉතා කැපවීමෙන් යුතුව ජනතා සේවාවේ යෙදෙනවා. 

නමුත් එම සේවාව පිළිබදව ජනතාව දැනුවත් වී නැහැ. ගංවතුරෙන් නිවාස අහිමිවූවන් සදහා පසුගිය රජය සමයේ ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂයයි. නමුත් වත්මන් රජය යටතේ නිවසක් ඉදිකිරිම සදහා රුපියල් ලක්ෂ 16 ක් ලබා දී තිබෙනවා. ඒ පිළිබදව ජනතාව දැනුවත් වී නැහැ. වත්මන් රජයේ සංදර්ශණ නැහැ. යහපාලන රජය සමයේ ලබාදුන් සහන වෙනත් කිසිම රජයක දී ලබා දී නැහැ. රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීම ඇතුලු සහන රැසක් ලබාදී තිබෙනවා.


නියං සහනාධාර යටතේ විපතට පත් පවුලකට රුපියල් 5000 ක සහන මල්ලක් ලබාදුන්නත් ජනතාව ඒ පිළිබදව දැනුවත් වී නැහැ. ඒ බව මැතිවරණ ප්‍රතිඵල වලින් මනාව ඔප්පු වෙනවා. අපේ රජයේ සිටින ඇතැම් අය රජයම විවේචනය කරනවා. ඒ අය රජය නිර්මාණය කිරීමට පැමිණ අය නොවෙයි. 2015 මැතිවරණයේ දී ඔවුන් හිටියේ වෙනත් අදහසකයි. 2015 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කිරීමේ අවස්ථාව උදා වී තිබුනා. නමුත් රට හැදීම සදහා පක්ෂ දෙක එකතු වුනා. නමුත් රජය විවේචනය කරමින් ප්‍රශ්න හදන්න උත්සාහ කරනවා. විශ්වාසභංගය පරාජය කර නව වැඩපිළිවෙළක් ඔස්සේ රජය ඉදිරියටම ගමන් කරනවා.

-Nuzly S.

No comments:

Post a Comment