ගැලවුනු වෙස් මූහුණු.. - sonakar.com

Post Top Ad

Sunday 11 November 2018

ගැලවුනු වෙස් මූහුණු..




සිහිය විකල් ගමරාල ගෙ මොලේය
අසුචි ගතේ ගාගති  හත් පොලේය
ආත්ම ගරුත්වය දැයෙ ඉන් මලේය
නීච වෙලා සිරිලක ලෝ තලේය

දූශිත දේශපාලුවෝ අද බරක් වෙලා
ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවක් කලා
දුඟද හමයි දසතින් රට  දුකින් වෙලා
කතිරෙ ගැසූ දන හූල්ලති අහස බලා

නිදහස ලැබීමෙන් පසු කිම රටට උනේ
සුලු පිරිසකට සීමා වුනි දැයෙහි ධනේ
මිණිය හැකිද ජාතිවාදෙ කරපු විනේ
ප්‍රගතියේ කුසුම පරවී ගොස් ඇතය අනේ

බල කාමෙන් මත් වූ මහ හොරුන් රැලක්
මහජන මුදල් සුරාකතී නැතිව බියක්
ඛේදය! අදත් සංවර්ධිත ඌන රටක්
තට්ටු මාරු ක්‍රමයෙන් නැත රටට සෙතක්

බාල්දු කලා ජන මතයත්, නොමැත සැකක්
ගමරාලයි දියවන්නා උන් පට්ටි හරක්
ලක් දරුවනි! දැන්වත් යුතු සිතිය, මදක්
භේදෙන් තොරව සාදමු අපි අලුත් රටක්









පක්ෂ වර්ණ ගාගෙන නැත කිසිම පලක්
ජාතිවාදෙ දෙස්පාලුවො යොදන ඇමක්
නොදෙනු මනාපය අවංක වු අයට මිසක්
උපන් බිමේ කිත් සුරැකුම මහම       පිනක්.

දෙදාස් පහලොවේ දාගත් වෙස් මූණු
අද ගැලවිලා, එලිවෙයි වත ගොත දරුණු
කතිරය හිඟන යාත්‍රා ලඟ එන ලකුණු
දූශිත කුහකවුන් මූණට කෙළ ගසනු

විධායක ක්‍රමයේ ආදීනව පැහැදිලිය
කූට සිරා ජේ ආර් හට ණය ගැතිය
කඳුලු සලයි සෝභිත හිමි ස්මාරකය
උපන් බිමේ ඉරණම දැන් සෝ බරය

සිහළ දමිල මුස්ලිම් යන නම් පුවරු
ඇවැසි නොවේ නගනට දේශයේ පවුරු
නිහැඬීයාව බිඳ දා එක්වෙමු සොයුරු
අතුගා දමමු දූෂිතවුන්ගේ පොකුරු

සිරි ලක් බිමේ ප්‍රතිරූපය යළි  සදමු
සාරධර්මෙ සපිරි රටක් ගොඩ නගමු
දේශ පාලු සක්කිලි පලවා හරිමු
මතු පරපුරේ සාපෙට අපි ලක් නොවෙමු

-ලූක්මාන් හරීස්

No comments:

Post a Comment