ගරු අධ්‍යාපන ඇමති තුමා වෙත .. - sonakar.com

Post Top Ad

Monday 21 May 2018

ගරු අධ්‍යාපන ඇමති තුමා වෙත ..



අකාලයේ අවසන් ගමන් ගිය ලසිත දිල්ශාන් නිශ්ශංක නමැති සිසුවාගේ මරණය තවත්  කිසි දරුවෙකුටත් නොවේවා යයි ප්‍රර්ථනා කරමි . මේ වගේ දරුවන් මෙවන් විපත් වලින් බේරා ගැනීමට උපකාර වන "නාට්‍යක් " නැරඹීමට කුවෛට් දේශයේ පාසලක  මට ළඟදී අහම්බෙන් අවස්ථාවක් ලැබුණි .

ලසිත ගේ පංතියේ වගේම මෙම පංතියේත් ඉගෙනීමට ඉතා දක්ෂ පංතියේ  නිතරම පළවෙනියා වන මෙම ශිෂ්‍යා වද මුළු පංතියේම ළමයි තනි කරති ,ඔහුත් එක්ක කාත් කිසිවක්  කතා නොකරති, කොන් කරති  .නමුත් ඔහු තමන්ගේ අරමුණ ඉටු කර ගැනීමට මේකිසිවක් ගානක් වත් නොගෙන හිත ධෛර්යමත් කරගෙන  පාඩම් කරයි .අන්තිමට තමන් ජය ගත්තු දා ඔය පංතියේ සේරම ළමයි ඔහුගේ පිටිපස්සෙන් යති !



කාලයට උචිත අපූරු දර්ශන පෙළකි . ඊර්ෂ්‍යාව ,තන්හාව ,ක්‍රෝදය පිරි  වැඩිහිටි සමාජයක මෙවන් ගතිගුණ සමහර ළමයින් තුළටද කාවැදී  තිබිය හැකි බැවින් සෑම ළමයෙකුටම මෙවැනි මරු උගුල්වලින් ඈත් වී සිටීමට ඉගැන්විය යුතුයි . මෙවැනි දේ වලට යොමුවන්නේ අසමත් සිසුන් පිරිසක් බව කියන මනෝවිඥානය සෑම ළමයින්ටම  ඉගැන්විය යුතුයි. විශේෂයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙවැනි දේවල් තමන්ගේ පුංචි සිත් තුළින් අයින් කරගෙන  බිය නොවී හිත නොකැඩී හිත ධෛර්යමත් කරගෙන  තමන්ගේ අරමුණ ඉටු කර ගැනීමට යායුතුයි කියන පණිවිඩය ගෙයි තුළිනුත් පාසලේදීත් එයින් පිටතත් දිය යුතුයි . මෙවැනි වැඩ සටහන් පත්තර ,රේඩියෝ ,රූපවාහිනී ,සමාජ වෙබ් අඩවිවල පළවිය යුතුයි . පාර්ලිමේන්තුවේ ද කථා කළ යුතුයි .

අද  දරුවන් හෙට නායකයින් ය 

-හරීස් සාලිහ්  

No comments:

Post a Comment