දෙවනගල පිළිබඳව ජන මාධ්‍ය වල ගෙනයන අසත්‍ය ප්‍රචාර - sonakar.com

Post Top Ad

Sunday 7 June 2020

දෙවනගල පිළිබඳව ජන මාධ්‍ය වල ගෙනයන අසත්‍ය ප්‍රචාර


පසුගිය සතියේ කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය වේදීන්ගේ කණ්ඩායමක් දෙවනගලට සංචාරය කරමින්  දෙවනගල ප්‍රදේශයේ  ජීවත් වෙන මුස්ලිම් ජනතාව පිළිබඳව යම් යම් කරුණු ඉදිරිපත් කරමින් සිටිති . නමුත් එම කරුණු මෙම දවගලත් එක්ක සම්බන්ද වූ දේවිනි පාර්ශව වූ මුස්ලිම් ජනතාවගේ අදහස් විමසීමකින් තොරව ඉදිරිපත් කෙරෙන අසත්‍ය කරුණු රාශියක් මුල් කරගෙනය් . 

ඔවුන් ආක්රමිකයින් , අන්තවාදීන් , පූජා බූමි ගිලින බහිරවයන් , අන්තවාදීන්ගේ ආක්‍රමණයට හසුවූ දෙවනගල , ඉඩම් හොරු මාවනෙල්ලන් පලවා හරිය යුතුය් යනුවෙන් ඒක පාර්ශව කරුණු මත මෙවෙනි ජන මාධ්‍ය ප්‍රචාර සහ පුවත්පත් ලිපි පලවෙමින් තිබේ .

මෙහි ඉඩම් හොරු නොමැත . බහිරවයන් නොමැත . ආක්‍රමණය කරන අන්ත වාදීන් ද නැහැ .  මෙහි ජීවත් වෙන ජනතාව නීත්‍යානුකූලව ඔවුන්ට හිමි ඉඩම් ඔප්පු සහිත ඉඩම් වලය් ජීවත් වෙන්නේ . කියන්න කෙසේ කිව්වත් අසන්න සත්‍ය කරුණු සොයා බලා අවේග ශීලී නොව වාර්තා කිරීමය් ජනතාව බලාපොරොත්තු වෙන විස්වාසනීය මාධ්‍ය කියන්නේ . 

ඒ පමණක් නොව පුවත් පත්වල ශීක පට ලියන විශේෂාංග කර්තෘවරුන් පවා එසේ ලියන්නට කලින් මදක් කල්පනා කල යුතුය් . මෙය ජාතීන් දෙකට මැදිහත් වූ ගැටළුවක් නිසා රටේ සාමය , සමඟිය සහ සන්හින්දියාවට බාධාවක් එල්ල නොවන ආකාරයෙන් කටයුතු කිරීමය් මාධ්‍ය කියන්නේ .

ඒවාට පැහැදිලි කිරීමක් වශයෙන් ඉදිරිපත් වූ කරුණු සහ ඒ පිළිබඳව පළවූ පුවත්පත් පිටු ද මෙහි දැක්වේ . දෙවනගල පුද බිමට අයත් ඉඩම් අඟලක්වත් මුස්ලිම් මුස්ලිම්වරුන් බලෙන් අත්පත් කරගෙන නැහැ . අපි ජීවත් වෙන්නේ අපගේ නීතියානුකූල ඉඩම්වලය් .

2020 ජුනි 31 වන දින ඔබගේ ඉරිදා මව්බිම පුවන්ත්පතේ 14 වන පිටුවේ "පූජා බූමි ගිලින බහිරවයන්ට දෙවනගල පුද බිමත් බිලි නොදෙනු " යන ප්‍රධාන ශීර්ඛ පාඨ යටතේ පලවූ ලිපියේ  මැදිරිගිරියේ පුන්යසාර හිමියන් විසින් මෙම ප්‍රදේශයේ  ජීවත් වෙන මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන චෝදනා 11 ක් ඉදිරිපත් කර ඇත . දෙවනගල රජ මහා විහාර පිහිටා ඇති ප්‍රදේශයේ ජීවත් වන එකම අන් ආගමිකයින් වන්නේ මෙම ප්‍රදේශයේ පදිංචි වී සිටින මුස්ලිම් ජනතාවය් .

එම නිසා උන් වහන්සේගේ චෝදනාවලට පිළිතුරු වශයෙන් ඔබ පුවත්පතට මෙම පැහැදිලි කිරීම ඉදිරිපත් කිරීම අපගේ යුතුකමක් ලෙස සිතමින් මෙය ඉදිරිපත් කරමු .


දෙවනගල කඳු මුදුනේ පල්ලියක් සැදීමේ අවශ්‍යතාවයක් නො මැත 

මෙම ප්‍රදේශයේ ජීවත් වෙන මුස්ලිම් ජනතාව දෙවනගල කඳු මුදුනේ අය්තිහාසික රජ මහා විහාරය පිහිටා ඇති ස්ථානයේ පල්ලියක් සැදීමට උත්සාහ කරගෙන යන බව චෝදනා කරති . මෙය අබූත අසත්‍ය පදනම් විරහිත චෝදනාවකි . මේ ප්‍රදේශයේ ජීවත් වෙන මුස්ලිම් ජනතාවට අවශ්‍ය පල්ලියක් කටුගහවත්තේ සහ උයන්වත්තේ ද ඇත. 

එසේ තිබිය දී මුස්ලිම් මිනිස්සුන්ට වැදගත් නොවන, බෞද්ධ ජනතාවට අයත් රජ මහා විහාර පිහිට ඇති කඳු මුදුනේ පල්ලියක් කුටද ? මෙම ප්‍රදේශයේ ජීවත් වෙන මුස්ලිම් ජනතාව කිසිම දවසක එවෙනි තීරණයකට එළෙඹී හෝ තීරණයක් ගෙන නැත . මින් ඉදිරියටද එවෙනි අවශ්‍යතාවයක් පැන නො නැගී .

මෙය මෙම ප්‍රදේශයේ ජීවත් වෙන අහිංසක සිංහල මිනිස්සුන්ව මුස්ලිම් වරුන්ට එරෙහිව අවුස්සමින් ප්‍රදේශයේ වසර සිය ගණන් ශක්තිමත් වී තිබෙන සාමය සහ සහ ජීවනය කඩ බිඳ දැමීමට දරන කුට අරමුණක් සහිත උත්සාහය කි. මෙම චෝදනාව අප තරයේ ප්‍රතික්ෂේප කරමු . 

පාරක් වැසීමට හෝ බාධා කිරීමට අපට තිබෙන අවශ්‍යතාව කුමක් ද ?

තව ද පල්ලිය සැදීමට දෙවනගල රජ මහා විහාරයට පිවිසෙන පාරවල් දෙකක් වහන්නට උත්සාහ කල බවත් උන් වහන්සේ පවසය් . කිසිම දවසක එවෙනි උත්සහයක් ද මුස්ලිම් ජනතාව විසින් ගෙන නැහැ . එවෙනි අවශ්‍යතාවකුත නැහැ . රජ මහා විහාරයට පිවිසෙන ප්‍රධාන පාරවල් කීපයක්ම ඇත . නමුත් කිසිම පාරක් වැසීමට හෝ බාධා කිරීමට අපට තිබෙන අවශ්‍යතාව කුමක් ද ? මෙයත් පදනම් විරහිත චෝදනාවක් පමණය් .

ඉඩම් අඟලක් වත් බලෙන් අල්ලාගෙන නැහැ 

මෙම රජ මහා විහාරයට ඉඩම් අක්කර 3000 පමණ ඇති බවත්  ඉතුරු වී තිබෙන්නේ අක්කර තුනක් (03) පමණත් අනිත් ඉඩම් සියල්ලෝම මුස්ලිම් වරුන් (අන් ආගමිකයින ) විසින් බලෙන් අත්පත් කරගෙන බව උන් වහන්සේ චෝදනා කරති .

මෙම දෙවනගල රජ මහා විහාර පිහිට ඇති කඳු පාමුල සහ හෙම්මාතගම ප්‍රදාන පර පිහිට ඇති ප්‍රදේශයේ ගම් හතක් පමණ තිබේ . එම ගම්වල සිංහල සහ මුස්ලිම් ජනතාව ද තවත් ගම් තුනක සිංහල ජනතාව ද ජීවත් වෙති . නමුත් මෙම ප්‍රදේශයේ ජීවත් වෙන මුස්ලිම් වරුන්ට අවුරුදු 200 කටත් වැඩි ඉතිහාසයක් තිබේ. අපගේ ඉඩම් වලට  1860 ගණන් පැරණි   නීතියානු කූල ඔප්පු ඇත . ඒවා අපගේ පරම්පරාවෙන් පවතී එන උරුමයන් ය .

අනුන්ගේ ඉඩම් බලෙන් අත්පත් කරගෙන මෙතරම් ශක්තිමත් ව ගොඩනැගිලි, ගෙවල් දොරවල් ඉදිකෙරෙන්නේ කෙසේද ? මීට ඉහත ඔය ස්වාමින් වහන්සේ පවසන ආකාරයට මුස්ලිම් වරුන්  බලෙන් දෙවනගල අය්තිහාසික පුද බිමට අයත් ඉඩම් බලෙන් අත්පත් කරගෙන පදිංචි වී සිටිනවා නම් එය අත්පත් කරගත් කලේ රටේ නීති අනුව කටයුතු කරන්නට තිබුනේ ය.


අපගේ ඔප්පුවල නීතියානුකූල බවය අවශ්‍ය විටක ඕනෙම උසාවියක එය ඉද්දිරිපත් කරමින් අපගේ අය්තිය තහවුරු කිරීමට අප සූදානම් ය. මෙහි ජීවත් වෙන මුස්ලිම් ජනතාව පූජා බූමියට අයත් ඉඩම් අඟලක් වත් බලෙන් අත්පත් කරගෙන නැති බව කියා සිටින අතර උන්වහන්සේගේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමු .  

සිරි පතුළ, සෙල් ලිපි , සඳකඩ පහණ සහ  නෙලුම් මල් හානි කිරීමට  මුස්ලිම් වරුන් සම්බන්ද නැහැ 

 සිරි පතුළ, සෙල් ලිපි , සඳකඩ පහණ සහ නෙලුම් මල් ඇසිඩ් සහ කෙමිකල් වගේ දේවල් පාවිච්චි කරමින් හානි කර ඇති බව අබූත චෝදනාවක් කරති. මෙය කවදාද ? කොය් කලේ ද ? කව්රු විසින් ද ? මුස්ලිම් වරුන් විසින් හානි කර ඇත්නම් එය සිදුවූ අවස්ථාවේ එවෙනි පහත නරුම කිරියාවන්ට සම්බන්ද අයට එරෙහිව නීතිමය පියවර පියවර ගන්නට තිබී ඇත.  මෙවෙනි හානි කිරීම් වලට කිසිම කාලයක කිසිම අවස්ථාවක මේ ප්‍රදේශයේ ජීවත් වෙන මුස්ලිම් ජාතිකයින් සම්බන්ද වූ බවට ආරංචි වී නැහැ . 

මුස්ලිම් ජනතාව ප්‍රදේශයේ සිංහල ජනතාව සමඟ එකට එක්වී සියලුම කාලවල මෙම දේවාලය සහ අවට සිංහල බෞද්ධ පන්සල් වලට උදව් උපකාර කල නමුත්  හානි කිරීමට  මුස්ලිම් වරුන් සම්බන්ද නැහැ. මෙයට මෙම ප්‍රදේශයේ අප සමඟ එකට එක්වී සහයෝගයෙන් සහ සමයෙන් ජීවත් වෙන සිංහල ජනතාව සාක්ෂි දරය් අප විස්වාස කරමු 

මෙයත් උන්වහන්සේ සිංහල ජනතාවගේ හදවතට මුස්ලිම් ජනතාව පහර දුන් හැටියට පෙන්වා දී ඔවුන්ව අපට එරෙහිව නොමඟ යැවීමේ උත්සාහයක් යැය් අප විස්වාස කරමු . උන්වහන්සේගේ මෙම චෝදනාවත් අප තරයේ ප්‍රතික්ෂේප කරන අතර තරයේ හෙළ දකිමු.

අපගේ නීතියානුකූල ඉඩම් බලෙන් අත්පත් කරගැනීමට ඉඩ නොදෙමු 

මෙම ප්‍රදේශයේ ජීවත් වෙන මුස්ලිම්වරුන් විසින් දෙවනගල රජ මහා විහාරයට අයත් ඉඩම් අඟලක් වත් කිසිම අවස්ථාවක බලෙන් හෝ යුතු ලෙස කිසිම මුස්ලිම් වරයෙක් අත්පත් කරගෙන නැහැ . ඒවගේම  දෙපාර්තමේන්තුව හෝ වෙනත් කිසිවෙක් අපගේ ඉඩම්වලට බලෙන් රිංගල අත්පත් කරගැනීමට හෝ පුර විද්‍යා දෙපාර්තමේන්තුවට යය පවසමින් මායිම් කිරීමට කිසිම අවස්ථාවක අනුමත නොකරමු .

එවෙනි උත්සා හවල නිරතවන්නට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ද  පසුබට නොවෙමු . තව ද මෙම රජ මහා විහාරයට අයත් ඉඩම් පිළිබඳව පුන්යසර ස්වාමින් වහන්සේ වැරදි අවබෝදයකින් කටයුතු කෙරෙන අතර දීර්ග කාලයක් තිස්සේ මුස්ලිම් වරුන්ගේ ඉඩම් ජනාවාස ඉලක්ක කරගෙන කුට අරමුණකින් කටයුතු කරගෙන යන බව අප තරයේ විස්වාස කරමු .

මෙම රජ මහා විහාරයට අයත් ඉඩම් ප්‍රමාණය මායිම් පිළිබඳව පිඹුරුපත් කීපයක්ම ඇත. නමුත් එඅවයේ සඳහම් පරිදි මෙම අය්තිහාසික පුදබිමට අයත් ඉඩම් තිබෙන්නේ තවත් මායිමක වුවත් එය අප මුස්ලිම් ජනතාව ජීවත් වෙන කටුගහවත්ත හෝ දෙවනගල ප්‍රදේශයන් නොවන බව අප සඳහන් කරන්නට කැමැත්තෙමු. 

ඒ පිළිබඳව හිටපු වෛද්යා චාර්ය  ගමගේ මහතා 1994 " දෙවනගල සමීක්ෂණ වාර්ත්තා1994" යන නමින් ලියන ලද පොතේ පැහැදිලිව සඳහන් කර තිබේ.

ඉඩම් ගොඩකිරීම පිළිබඳව 

සිංහල මනුස්සයෙකුට මද ඉඩමක් ගොඩකර ගැනීමට නීතිය හරස් වුවත් මුස්ලිම් වරුන් විහාරයට අයත් කුඹුරු අත්පත් කරගෙන කිසිම බාදාවකින් තොරව ඒවා ගොඩකරමින් නිවාස  සහ ගොඩනැගිලි ඉදිකරමින් යන බව චෝදනා කරය් .

මෙයත් අසත්‍ය චෝදනාවකි . රටේ කිසිම පුද්ගලයෙකුට රටේ පවතින නීතියට ඉහලින් කටයුතු කිරීමට හැකියාවක් නැත . ගොඩ ඉඩ නැති අවස්ථාවක තමන්ට හිමි නිතීයනුකූල මද ඉඩමක් වුවත් නිවසක් ගොඩනැගිල්ලක් ඉදිකරගෙන ජීවත් වීමට සහ තමන්ගේ වානිජමය කටයුතු කරගෙන යාමට නීතියෙන්ම සහන සලස්වා දී ඇත.

මෙම ප්‍රදේශයේ මුස්ලිම්වරුන් එවෙනි ගොඩ ඉඩමක් වන කුඹුරක ගොඩනැගිල්ලක් කඩයක් ඉදිකර ඇත්නම් එය රටේ කිරියාත්මක නීතීන්ට අනුකූලව මෙම ප්‍රදේශයේ ගොවිජන සේවා සහ අදාල ආයතනවලින් අනුමැතිය  ලබාගෙනය් . 

ඒවගේම හෙම්මාතගම පාර සංවර්ධන කටයුතු සිදුවූ කාලයේ මාර්ග සන්වර්ධට අධිකාරියට තාවකාලිකව ලබා දුන් ඉඩම් නැත්නම් ගොඩ කරගත් මඩ  ඉඩම් පාර සංවර්ධන කටයුතු නිමවීමෙන් පසුව නැවත  ඒ ආකාරයෙන්ම හිමිකරුවන්ට බාර දී ඇත . එම ඉඩම් හිමිකරුවන් තමන්ගේ අවශ්‍යතාවයන්ට බාවිතා කිරීමෙන් සිදුවී ඇති වැරැද්ද කුමක් ද ? 

මාවනැල්ලේ සිට ගම්පොල දක්වා විශාල ඉඩම් මෙවෙනි ආකාරයෙන් හිමිකරුවන් තමන්ගේ ප්‍රයෝජනයට ගනිමින් පවතී. එනම් මෙම ප්‍රදේශයේ අදාල නීතියානුකූල ඉඩම් හිමිකරුවාට ද තමන්ගේ ඉඩම ප්‍රයෝජනයට ගැනීමේ තිබෙන වැරැද්ද කුමක් දැය් අසන්නට කැමැත්තෙමු . 

තවද මේ රටේ ජීවත් වෙන මුස්ලිම් වරුන් වන අප නීතිය ඉදිද්රියේ අප සියලුදෙනාම  එක හා සමානය් යන දර්ශන අනුව  රටේ පවතින නීතියට අවනත වූ පිරිසක් බවත් එය කිසිම අවස්ථාවක උල්ලංගණය නොකෙරෙන බවත් කියා සිටිමු.

රජ මහා විහාරයට අයත් ඉඩම් ඔප්පු හංගපු කතාව අපට අදාළ නැහැ

තවද මෙම රජමහා විහාරයට පූජා කළ   ඉඩම් ඔප්පු දේශපාලන හේතු මත  හංගල කියා කරන චෝදනාවට අපි අදාල වෙන්නේ නැහැ . මෙම ප්‍රදේශයේ මුස්ලිම් වරුන් කොහමද විහාර ඔප්පු සඟවන්නේ . එසේ චෝදනා කලත් තවත් ස්තනයක උන්වහන්සේම පවසනවා 1870 කාලයේ පූජා කරපු ඉඩම් ඔප්පු පුද්ගලයෙකු ගාව තිබෙන බවත් එය තමන්ට ලබා දෙන්නට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් .

මෙසේ මෙම ප්‍රදේශයේ නීතියානුකූල ඉඩම් ඔප්පු හිමිකාරිත්වයක් ඇතුව වසර ගණනාවක් තිස්සේ ජීවත් වෙන මුස්ලිම් ජනතාව වන අපහට පදනම් විරහිත චෝදනා කිරීම අප තරයේ හෙළ දකිමු . මෙවෙනි චෝදනා මෙම ප්‍රදේශයේ ජීවත් වෙන අප සහ ප්‍රදේශයේ සිංහල ජනතාව අතර කිසියම් සැකයක් සහ බීතියක් ඇතිකිරීමට මුල පුරන නිසා අප කිසිම විටක මෙවෙනි ක්‍රියාවල් වලට සම්බන්ද නොවූ බව පවසන්නට කැමැත්තෙමු . 

තවද වසර 200 කට අසන්න කාලයක් තිස්සේ ජීවත් වෙන අපි අපගේ ඉඩම්වලට ඇති නීතියානුකූල බාවය ඕනෙම අවස්ථාවක ඔප්පු කිරීමට සූදානමින් සිටිමු .

රටේ වියවස්තාවට අනුව ඕනෙම පුද්ගලයෙකුට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අය්තියක් ඇත .  වියවස්ථාවේ 14 (අ ) අනුව එය මූලික අය්තිවසකමක් වුවත් ප්‍රකාශ කෙරෙන අදහස්  නිසා මතුවෙන ජාතික , ආගමික , සමාජීය සාමය , සංහිඳියාව සහ එක්සත් බාවයට ඇතිවෙන තර්ජනයටත්  හනියටත් එම පුද්ගලයාම වග කියා යුතු යැය් එම වියවස්තාවේම 15 (1-7) වන වගන්ති වලින් සඳහන් කර ඇත .

එනිසා දෙවනගල ඇතුලු මේ රටේ ජීවත් වෙන මුස්ලිම් ජනතාව වන අප රටේ නීතියට, සාමයට, බුදු දහමට බෞද්ද උරුමයන්ට ගරුකරන ඒවා ආරක්ෂා කිරීමට කැපවූ ජාතියක් වන බව කියා සිටිමු .

-අමීර් හුසේන්

No comments:

Post a Comment